*අපගේ දැක්ම*

විශිෂ්ට මහජන සේවාවක් තුළින් සෞභාග්‍යමත් ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බවට පත්වීම.

      

*අපගේ මෙහෙවර*

රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනූකූලව ජනතා අවශ්‍යතා කාර් යක්ෂමව, සාධාරණව හා මිත්‍රශීලීව ඉටුකිරීම සඳහා භෞතික හා මානව සම්පත් ඵලදායී ලෙස මෙහෙයවීම හා සම්බන්ධීකරණය තුළින් අක්මීමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තිරසර සංවර් ධනය තහවුරු කර සෞභාග්‍යමත්ම කොට්ඨාසය බවට පත් කිරීම.

අක්මීමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ගාල්ල නගරයෙහි පිහිටි එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් වන අතර එය උතුරින් බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් ද ඊසාන දිගින් යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් ද නැගෙනහිරින් හබරාදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් ද බටහිර හා නිරිත දිගින් ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් ද වයඹ දිගින් බෝපෙ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් ද මායිම් වේ.

II වන අග්බෝ භූපතීන්ට හිමිව තිබූ මී අඹ වනයක් හේතුවෙන් අක්මීමන යන නම පසුව ප්‍රසිද්ධ වූ බව ජනවහරේ සදහන් වේ.

II පරාක්‍රමබාහු රජුගේ ඇමතියෙකු වූ දේවපතිරාජ විසින් කරවූයේ යැයි කියැවෙන යටගල විහාරය වැනි ඓතිහාසික සිද්ධස්ථාන ද මෙම කොට්ඨාශය තුල පිහිටා ඇත.

එමෙන්ම අක්කර 55 ක භූමි ප්‍රමාණයක් පුරා විහිදී ඇති හියාරේ ජලාශය ද අක්කර 443 ක් පුරා විහිදී ඇති එලුවිල කුරුලු අභය භූමිය ද අක්මීමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල ඇති සෞන්දර්යාත්මක වටිනාකම ඉහල නංවන ස්ථාන දෙකකි

දළ විශ්ලේෂණය

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 19 අතුරින් ගාල්ල නගරයට ආසන්නයෙන්ම අක්මීමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පිහිටා ඇත.

නැගෙනහිර දේශාංශක 80-13 හා 80-21 අතර ද ,

උතුරු අක්ෂාංශක 06-01 හා 06-07 අතර ද ,

අක්මීමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පිහිටා ඇත. උතුරින් බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ද ඊසාන දෙසින් යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ද නැගෙනහිරින් හබරාදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ද බටහිර හා නිරිත දෙසින් ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ද වයඹින් බෝපෙ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ද මායිම් වේ.අක්මීමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය අක්මීමන මැතිවරණ කොට්ඨාශයට අයත්වේ. මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හෙක්ටයාර් 6437 කි. වර්ග කි.මී. 64 කි. පරිපාලන වශයෙන් ග්‍රාම නිලධාරි කොට්ඨාශ 63 කින් සමන්විත වන අතර එයට ගම් 116 පමණ අයත් වේ. ගාල්ල දිස්ත්‍රික්කයේ මුලු භූමි ප්‍රමාණයෙන් 4 % මෙයට අයත්වේ.

 සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්

නම

තනතුර

සිට

දක්වා

ඇල්බට් රත්නායක මයා

ප්‍රාදේශීය ලේකම්

1976

1977

පියදාස සමරසිංහ මයා

ප්‍රාදේශීය ලේකම්

1977

1978

සුනිමල් සේනාරත්න මයා

ප්‍රාදේශීය ලේකම්

1978

1984

විජිත ජයසුන්දර මයා

ප්‍රාදේශීය ලේකම්

1984

1990

කේ.එච්.ඒ.කීර්තිරත්න මයා

ප්‍රාදේශීය ලේකම්

1991

1992

ලලිතා විජේවික්‍රම මිය

ප්‍රාදේශීය ලේකම්

1992

1994

කේ.එච්.ඒ.කීර්තිරත්න මයා

ප්‍රාදේශීය ලේකම්

1994

1997

විමල් රූබසිංහ මයා

ප්‍රාදේශීය ලේකම්

1997

1998

චින්තක ලොකුහෙට්ටි මයා

ප්‍රාදේශීය ලේකම්

1999

2000

එස්.සී.සිල්වා මයා

ප්‍රාදේශීය ලේකම්

2000

2002

ලලිතා විජේවික්‍රම මිය

ප්‍රාදේශීය ලේකම්

2002

2006

දමයන්ති පරණගම මිය

ප්‍රාදේශීය ලේකම්

2006

2013

පි.ටි.ජාගොඩ මිය

ප්‍රාදේශීය ලේකම්

2013

 2020

කේ.ජී.පී පූර්ණිමා අබේසිරිගුණවර්ධන මිය

ප්‍රාදේශීය ලේකම් 2020  2024
ටී.ජී.එස් සජීවනී මිය ප්‍රාදේශීය ලේකම් 2024  

News & Events

12
ජූනි2023
2025 Made_In_Sri Lanka  සන්නාමය

2025 Made_In_Sri Lanka සන්නාමය

ව්‍යවසායකත්ව ක්ෂේත්‍රවල සිටින ව්‍යවසායකයින් 45 දෙනෙකු  හට...

Scroll To Top