Meet Divisional Sinhala F

අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

12
ජූනි2023
2025 Made_In_Sri Lanka  සන්නාමය

2025 Made_In_Sri Lanka සන්නාමය

ව්‍යවසායකත්ව ක්ෂේත්‍රවල සිටින ව්‍යවසායකයින් 45 දෙනෙකු  හට Made in Sri Lanka සන්නාම ලාංඡනය ප්‍රදානය කරන ලදී. අක්මීමන කොට්ඨාශයේ Super Fine Life Jacket  හිමිකාරිණිය ධම්මිකා ද සිල්වා මිය සහ T.G Products හිමිකරු තරුෂ තත්සර මහතා මෙම Made in Sri Lanka Logo ලබා ගන්නා ලදී. මේ සඳහා ව්‍යවසායකයන් යොමු කරන ලද නිළධාරින්...

ආයතන අංශය

අක්මීමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණෙන්නේ කෙසේද?

  • ගාල්ල සිට උඩුගම  ප්‍රධාන පාරේ  වලහන්දුව හංදියෙන්  මිටර් 10 ඉදිරියෙන් ජනාධිපති බාලික විද්‍යාලයට යන මාර්ගයේ තිබෙන පළමු රජයේ ගොඩනැගිල්ල

ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේදී අයිතිකරු පැමිණිය යුතුද?

  • මේ සදහා අදාල ව්‍යාපාරයේ හිමිකරු පැමිණීම අනිවාර්ය වන අතර ජාතික හැදුනුම්පතද රැගෙන ආ යුතුය.

සමාජ සේවා අංශය

ගර්භණී මව්වරුන්ට ලබා දෙන පෝෂණ දීමනාව ලබා ගන්නේ කෙසේද?

  • ගැබ් ගෙන මාස 3ක් ඉක්මවීමට පෙර ඔබ සහභාගී වූ මාතෘ සායනය අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුල් ළමාවිය සංවර්ධන නිලධාරී හෝ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන නිලධාරියාගෙන් අයදුම්පතක් ලබා ගත හැකිය..

වැඩිහිටි ආධාර ලබා ගැනීමට අවශ්‍ය සුදුසුකම් මොනවාද?

  • ඉල්ලුම් කරන දිනට වයස අවුරුදු 70ට වැඩි
  • පවුලේ ආදායම මාසයකට රු. 3000ක් හෝ ඊට අඩු නම්

ස්වාමිපුරුෂයා හෝ බිරිඳ යන අයගෙන් එක් අයකුට මේ සඳහා ඉල්ලුම් කළ හැකිය.

අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශය

උප්පැන්න හෝ විවාහ හෝ මරණ සහතිකයේ පිටපත් ලබා ගන්නේ කෙසේද?

  • උප්පැන්න හෝ විවාහ හෝ මරණ සහතිකයේ අංකය හා දිනය දන්නේ නම් රුපියල් 120ක්ද,
  • උප්පැන්න හෝ විවාහ හෝ මරණ සහතිකයේ අංකය හා දිනය නොදන්නේ නම් රුපියල් 250ක්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙවා සහතික පත් ලබා ගත හැකිය.
  • මෙහිදී ඕනෑම ප්‍රදේශයක සිදු වූ උපතක් හෝ විවාහයක් හෝ මරණයක් නම් අන්තජා ල පහසුකම් යටතේ අක්මීමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අදාල සහතිකපත් ලබා ගත හැකිය.

උපත් ලියාපදිංචි කරන්නේ කෙසේද?

  • සාමාන්‍ය උපතක් ලියාපදිංචි කිරීම සඳහා උපත සිදු වී මාස තුනකට කලින් අදාළ කොට්ධාශයේ උප්පැන්න ලියාපදිංචි කිරිමේ රෙජිස්ට්‍රාර්වරයකු මුණ ගැසී උපත ලියාපදිංචි කර ගත යුතුය.
  • මාස තුනක් පසුවූ උප්පැන්න ලියාපදිංචි කිරීම සඳහා අතිරේක දිස්තික් රෙජිස්ට්‍රාර් මුණ ගැසී අදාළ තොරතුරු ලබා ගන්න.

උප්පැන්න සහතිකයේ සංශෝධන කටයුතු සිදු කරන්නේ කෙසේද?

  • අදාළ ලියකියවිලි රැගෙන අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් මුණගැසෙන්න.

විශ්‍රාම වැටුප් අංශය

සිවිල් විශ්‍රාමිකයා මිය ගිය පසු වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප සාදා ගන්නේ කෙසේද?

  • පළමුව විශ්‍රාමිකයාගේ මරණ සහතිකය ලබා ගෙන විශ්‍රාම වැටුප නතර කිරීම.
  • වැඩිපුර මුදලක් තිබේ නම් එය ගෙන්වා ගැනීමට බැංකුවට ලිපි දැමීම.
  • පසුව අදාල පුද්ගලයා පහත සඳහන් ලිපි ලේඛන රැගෙන එන ලෙස දැනුම් දීම.
    • විශ්‍රාමිකයාගේ මරණ සහතිකයේ මුල් පිටපත
    • වැන්දඹුවගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත
    • විවාහ සහතිකයේ මුල් පිටපත
    • වැන්දඹුවගේ බැංකු පොතේ ඡායා පිටපතක්
    • වැන්දඹුවගේ හැදුනුම්පතේ ඡායා පිටපතක්
    • වැන්දඹු අනත්දරු කාඩ්පතේ ඡායා පිටපතක් හෝ වැන්දඹු අනත්දරු අංකය
    • ග්‍රාම නිලධාරි විසින් සහතික කරන ලද පාස්පෝට් ප්‍රමාණයේ වර්ණ ජායාරූපයක්
    • ඉහත ලියවිලිවල ඡායාපිටපත් සියල්ල ග්‍රාම නිලධාරී විසින් සහතික කල යුතුය.
  • අනතුරුව ඔවුන් අදාල තොරතුරු ලබා දුන් පසු ලිපිගොනුව රැගෙන වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප සෑදීමට අවශ්‍ය කටයුතු කිරීම.

විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප නතර කර ඇත්තේ ඇයි?

  • අදාල වර්ෂය සඳහා ජීවිත සහතිකය ලබා නොදීම නිසා විශ්‍රාම වැටුප නතර කිරීම.
  • විශ්‍රාමිකයා පැමිණි පසු ජීවිත සහතිකය ලබා දීම හා ග්‍රාම නිලධාරී මහතා ලවා සහතික කර රැගෙන එන ලෙස පැවසීම.
  • පසුව නැවත ජීවිත සහතිකය භාර දුන් පසු විශ්‍රාම වැටුප යාවත්කාලීන කිරීම.

වැන්දඹුව මියගිය පසු විශ්‍රාම වැටුප උරුමකරුවන්ට ගෙවන්නේ නැත්තේ ඇයි?

  • වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් පනතට අනුව වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් මුදලට හිමිකම් ලැබූ පුද්ගලයෙක් මිය ගිය පසු එකී පුද්ගලයාට හිමි විය යුතු වැටුපක් හෝ හිඟ මුදලක් ඇත්නම් එම මුදල් ඔවුන්ගේ උරුමකරුවන් වෙත ගෙවීම සඳහා නෛතික ප්‍රතිපාදන නොමැති බව පහදා දීම.

ඇමතිය යුතු නිලධාරින් හා ආයතනවල දුරකතන අංක 

අක්මීමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්

 තනතුර   

   නිලධාරියාගේ නම          දුරකථන අංක
ප්‍රාදේශීය ලේකම් ටී.ජී.එස් සජීවනී මිය                0912224043
සහකාර ප්‍රාදේශීය ලේකම් නයනතරා ගුරුගේ මෙය 0914944869

ගණකාධිකාරි

සී.ඩී රත්නායක මිය 0914944870

සහකාර අධ්‍යක්ෂ (සැළසුම්)

ටි.පී.ජී වත්සලා ඩී ගුරුගේ මිය 0913928629

පරිපාලන නිලධාරි

ජානකී සුමනසේකර මිය 0914944871

ආපදා සහන සේවා නිලධාරි

ඊ.එස්.ආර් ප්‍රියදර්ශනී මිය 0912224043

සමාජ සේවා නිලධාරි (මධ්‍යම රජය)

වසන්ති කැප්පිටියාගොඩ මිය  0912224043

 

     ග්‍රාම නිලධාරි            >>>ග්‍රාම නිලධාරි දුරකථන අංක සදහා මෙතන ක්ලික් කරන්න                        

 අනෙකුත් ආයතන වල දුරකතන අංක 

ආයතනය

දුරකතන අංකය

දිස්ත්‍රික් ලේකම් ගාල්ල

091-2234235

ප්‍රධාන ලේකම්  ගාල්ල

091-2234052

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

091-2222233/ 091-2234491

පොලිස් ස්ථානය - පෝද්දල

091-2292322                                              

පොලිස් ස්ථානය - අක්මිමණ                                                 

091-2234223

දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ආයතනය ගාල්ල

091-4924916 

අක්මීමන ප්‍රාදේශීය සභාව

 0912222375

ආපදා පාලන ඒකකය

011-2431579 

සමාජ සේවා දෙපාර්තමේන්තුව

011-2825216 

ගිනි නිවිම් ඒකකය

011-2422222 

හමුදා කදවුර බූස්ස

091-2267124 

ගුවන් හමුදා කදවුර කොග්ගල

091-2283144 

යුධ හමුදා කදවුර ගාල්ල

091-2232156 

නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය - ගාල්ල

091-2234582 

ගිනිනිවිම් ඒකකය- ගාල්ල

091-2244445 

ආරක්ෂීත ස්ථානවල තොරතුරු

ග්‍රාම නිලධාරි වසම

 

පවතින ස්ථාන                

  ස්ථානයේ නම

පවුල්

පුද්ගලයන්

වතුර අවශ්‍යතාවය

විදුලි අවශ්‍යතාවය.

පවතින වැසිකිලි

අක්මීමන

  3   

අරිසිය ජුම්මා පල්ලිය

 20          

100

2000

තිබේ

04          

අත්තරගොඩ

2

අත්තරගොඩ ශ්‍රි රතනගිරි විහාරය

20

100

2000

තිබේ

04

මීගොඩ                      

1

මීගොඩ ශ්‍රි පුර්වාරාමය                                                          

15

60

1000

තිබේ

03

 

ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ වෙබ් අඩවියට පිවිසීමට මෙතැන ක්ලික් කරන්න

ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ වෙබ් අඩවියට පිවිසීමට මෙතන ක්ලික් කරන්න

කාලගුණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමට මෙතන ක්ලික් කරන්න

 

අනු-ප්‍රවර්ගයන්

Scroll To Top